රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

අපගේ මෙහෙවර

ක්‍රියාන්විතයේදී මිය ගිය යුධ/නාවික/ගුවන් හා පොලිස්/සිවිල් ආරක්‍ෂක බලකායට අයත් නිළධාරී /සෙසු නිළයින්ගේ ලගම ඥාතීන් සහ ක්‍රියාන්විතයේදී ත්‍රස්ථවාදී ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ආබාධිත තත්වයට පත් නිළධාරී/සෙසුනිළයින්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් ලබාදෙන මෙම විරුසර වරප්‍රසාද කාඩ්පත රාජ්‍ය සහ පුද්ගලික ආයතනයක් වෙත යොමු කිරිමේදි ඔහුට හෝ ඇයට ඇති මියගිය නිළධාරී/සෙසු නිළධාරී ඥාතීත්වය තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් හට සමාජයේ නිසි ගෞරයවක් ලබා දී පොදු සේවාවන් ප්‍රමුඛතාවයක් මත ඉටුකර දීම මෙහි අරමුණ වේ.

අපි ගැන

පුරා දශක තුනකට අධික කාලයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති යුද්ධය 2009 වසරේ මැයි මස 19 වන දින අවසන් විය. එයට දිරි‍දුන් හා උරදුන් යුධ, නාවික,ගුවන්,පොලිස් හා සිවිල් ආරක්‍ෂක සේවයේ සාමාජිකයින් තම ජීවිත හා ශරීරාංග රට වෙනුවෙන් පුජා කරමින් යුද්ධය නිම කිරීම සදහා සාධනීය අමිල දායකත්වයන් සපයා දෙන ලදී. වර්තමානයේ ශ්‍රි ලංකාවේ සාමය මෙන්ම සංහිදියාවේ සැබෑ උරුමකරුවන් මේ කී ආරක්‍ෂක හමුදාව වීරෝදාර රණවිරුවන්මය. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කල අමිල කැපකිරිමට කෘතගුණ දැක්වීම කළගුණ දත් රටක් නිතැතින් කල යුත්තකි.

දැනට ශ්‍රි ලංකාව තුළ විවිධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන යුද්ධයේ දිවිපිදු, අතුරුදහන් හා ආබාධිත ව්ශ්‍රාමික තත්වයට පත්වු රණවිරුවන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් විවිධ වු වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇත. එහෙත් ඒවායේ ක්‍රියාකාරීත්වය තුළ ඇති අසංවිධභාවය හේතුවෙන් නොයෙක් ගැටළු ඇති කරනු ලබයි . බොහොවිට සුබසාධන කටයුතු සදහා ප්‍රතිලාභ ලබා දිමේදී ඇති වන්නාවූ දුරස්ථභාවය හේතුවෙන් ලැබෙන ප්‍රතිලාබ, ඉදුරාම ප්‍රතිපල ලාභීන් වෙත ක්‍රමානුකූලව නිසි පරිදි නිසි කාල වේලාවන් වලදී නොලැබී යයි. ඇතැම් ප්‍රතිලාබ එක් පුද්ගලයෙකු වටා මෙන්ම පුද්ගල කණ්ඩායමක් වටාම ඒකරාශි වීම තුල විනිවිද භාවය නැතිවී යයි. එමගින් රණවිරු සුබසාධන ප්‍රතිලාබ ප්‍රදානයන් විධිමත් පරිදි සංවිධානාත්මකව යොමු කරනු වස් සුබසාධක ප්‍රතිලාබ ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත.



blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.