රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය

වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ජීවිතයට හැකියාවක් , හැකියාවට රැකියාවක් තේමාව යටතේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සම්පූර්ණ කල රණවිරු දූ දරුවන් ගේ කාර්මික හා වෘත්තිය අධ්‍යාපනය නගා සිටුවීම සදහා පහත සදහන් පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාවන් උදා කර දී ඇත.

2018 පෙබරවාරි මස 26 වන දින වෙළඳ හා වාණිජ්‍ය අමාත්‍යාංශය සමග සිදුකරන ලද සාකච්ඡාවේදී විරුසර කාඩ්පත් හිමියන් සඳහා ලංකා සතොස මගින් විශේෂ සහන රැසක් ලබා දීමට එකඟතාවය පල කර ඇත.

විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමි උසස් අධ්‍යාපන හදාරනු ලබන රණවිරු දුවාදරුවන්ගේ අධ්‍යපන කටයුතු ඉහල නැංවීම උදෙසා ලිට්රෝ ගෑස් සමාගම සහ ගෝලීය මානුෂික පදනම වෙතින් රු 50000 ක මුල්‍යමය ශිෂ්‍යත්ව 22 ක් පිරිනමා ඇත.

විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමි රණවිරුවන් සදහා පහසුකම් සැලසිම යටතේ ගුරුගේ දේපල වෙලදාම් ආයතනය වෙතින් හිසට සෙවනක් නොමැති රණවිරුවන් 6 දෙනෙකු වෙත නිවාස ඉදිකර ගැනිම සදහා ගම්පහ දිස්ත්‍රිකයෙන් නොමිලේ ඉඩම් ලබා දෙන ලදි.

විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමි රණවිරුවන් සදහා පහසුකම් සැලසිම යටතේ සිංගර් ආයතනය මගින් රු 15000.00 වටිනා මැහුම් පාඨමාලාව සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

“සුදු පරවියන්ට මුල් තැන දෙන්න” යන තේමාව යටතේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක විරුසර වරප්‍රසාද කාඩ්පත ලබාදීමේ ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභුමියේ නිදහස වෙනුවෙන් වූ සටනේදී දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් මෙන්ම ඉහත ආයතන සමග රාජකාරි ඉටුකළ සිවිල් සේවක මහතුන්ගේ (අරක්කැමි/ භෝජනාගාර සේවක කාර්යාල සහයක වැනි) මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්‍ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි.

රණවිරු සේවා අධිකාරිය මගින් නිකුත් කර ඇති විරුසර කාඩ්පත් ලාභීන් සඳහා පහසුකම් සැලසීම යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ තුලින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා එම කාඩ්පත් ලාභීන් සඳහා පහත පහසුකම් සැලසීමට ශ්‍රී ලංගමය එකඟවී ඇත.

2017 ජනවාරි 18 වන දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් 2017 වර්ෂය වෙනුවෙන් ඉදිරි වැඩසටහන් සම්පාදනය කිරී‍මේ රැස්වීමක් පැවැත්විණ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සංකල්පයකට අනුව රණවිරුසේවා අධිකාරිය හා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් හට ප්‍රතිලාභ තව තවත් ලබාදීමට කඩිනමින් කටයුතු කොට ඇත.

විරුසර කාඩිපත් ප්‍රදානය දෙවන අදියර යටතේ 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා යුධමය කාලසීමාව තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායට බැදී වසර 20ක් සහ වසර 22ක සේවා කාලයක් සපුරා විශ්‍රාම ගොස් සිටින රණවිරුවන් වෙත හා සේවයේ යෙදි සිටින රණවිරුවන් වෙතද කෘතගුණ දැක්වීම පිනිස පිරිණැමීමට කටයුතු කරන ලදි.

ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ ආශීර්වාදයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ යුධ, නාවික ,ගුවන් ,පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභසාධන කටයුතු ඉහල නැංවීම සහ ප්‍රතිලාභ කටයුතු විධිමත්ව සිදුකිරීම සඳහා රණවිරු විශේෂ කාඩ්පතක් හඳුන්වාදී ඇති අතර ඉහත කාඩ්පත් හිමි ප්‍රතිලාභීන් වෙත සුවිශේෂී වරප්‍රසාද රැසක් මේවන විට පිරිනමා ඇත.

2016 දෙසැම්බර් මස 14 වන දින උදෑසන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක “විරුසර” රණවිරු උපහාර කාඩ්පත (“VIRUSARA" Ranaviru Special Rewards Card Project) පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්විණ.

රණවිරුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වන “විරුසර වරප්‍ර‍සාද” කාඩ්පත් ව්‍යාපෘතියේ තවත් සාර්ථක පියවරක් 2016 දෙසැම්බර් 09 වනදින ගණේමුල්ල ශ්‍රී ලංකා යුධ හමුදා කමාණ්ඩෝ රෙජිමේන්තු මුලස්ථාන කඳවුරේදී පැවැත්විණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස්මත රණවිරුසේවා අධිකාරියේ සම්බන්ධීකරණයෙන් රණවිරුවන්ට සහ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත පිදෙන විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානයේ දෙවන අදියර ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 09 වැනි දින ගණේමුල්ල කමාණ්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කෙරේ.

විරුසර වර‍ප්‍රසාද ලබාදීමේ ප්‍රගතිය පිලිබඳව සාකච්ඡාවක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමන්ගේ ප්‍රදානත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රණවිරු සේවා අධිකාරීයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2016 ඔක්තොබර් මස 14 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

“විරුසර වර‍ප්‍රසාද” කාඩ්පත් බෙදාදීමේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම පිළිබදව විශේෂ කරුණු සාකච්ඡා කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙන්ම ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම මත තව තවත් දියුණු කිරීම මෙහි අපේක්ෂාව වේ.

විරුසර වර‍ප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම පිළිබදව විශේෂ කරුණු සාකච්ඡා කිරීම ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන්ගේ ප්‍රදානත්වයෙන් 2016 අගෝස්තු මස 18 සහ 19 යන දෙදින තුළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහිදී මෙතෙක් පැවැති වැඩසටහන් පිළිබදව ප්‍රගතිය සමාලෝචනය කර සිටි අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව පැමිණ සිටි සියළුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල නිළධාරීන්ගෙන් ඒ පිළිබදව ලේකම්තුමන් වෙත නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.

විරුසර දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ ඉදිරි වැඩපිළිවෙල යටතේ 2016 ජුනි 27 වනදින හිගුරක්ගොඩ පැවැති විරුසර කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීම 2016 ජූලි මස 08 වනදින ආරක්ෂක අමාත්‍යංයේදී පැවැති අතර, හිගුරක්ගොඩ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් සියළුම දෙනාට මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙනුවෙන්, ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන් විසින් සිය ස්තුතිය පුද කරන ලදී.

රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක “විරුසර” රණවිරු උපහාර කාඩ්පත දෙවන අදියර එළැඹෙන 27 වැනි දින පස්වරු 0200 ට හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අතිගරු ජනාධිපතිතුමන් ගේ අතින් පැවැත්වීමට නියමිතය.

“සුදු පරවියන්ට මුල් තැන දෙන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම “විරුසර” වරප්‍ර‍සාද කාඩ්පත් ව්‍යාපෘතියේ අරමුණ “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, චිරස්ථිතිය සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි”.

විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීම 2 වන අදියරේ වැඩසටහන් 07 ක් දිවයිනේ කොළඹ, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, අ‍ඹේපුස්ස, පනාගොඩ හා හම්බන්තොට යනාදී ප්‍රදේශ ආවරණය වන පරිදි කාඩ්පත් බෙදාදීම සිදුකෙරුණි.

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහ වරප්‍රසාද ලබාදෙන විරුසර වරප්‍රසාද කාඩ්පත් ලාභීන් හට මීට ප්‍රථම ලබාදි ඇති වරප්‍රසාද වලට අමතරව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් විශේෂ පහසුකම් පිරිනැමීමට තීරණය කොට ඇත.

රත්නපුර, කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති “විරුසර” වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා ප්‍රධානත්වයෙන් 2016 මාර්තු මස 11 පැවැත්විණි.

“විරුසර වරප්‍රසාද” කාඩ්පත ලබාදීමේ දෙවන අදියර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 පෙබරවාරි 27 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

“විරුසර වරප්‍රසාද” කාඩ්පත ලබාදීමේ දෙවන අදියර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 අප්‍රේල් 30 වන දින මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

“විරුසර” වරප්‍රසාද රණවිරු උපහාර කාඩ්පත් ප්‍රදානය කිරීමේ දෙවන පියවර 2016 අප්‍රේල් 08 වන දින පනාගොඩ හමුදා ජනපදයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන අමාත්‍යතුමාගේ අදහසක් අනුව 2016 ජනවාරි 25 වැනි දින අතිගරු ජනාධිපතිතුමන් අතින් රණවිරුවන් වෙත පිරිනැමුණු “විරුසර” රණවිරු උපහාර කාඩ්පත රණවිරුවන් අතට පත් කිරීමේ දෙවන අධියරෙන් පසුව ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම මාර්තු 30 දින පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.

යුධවිරු ප්‍රතිලාභීන් වෙත “විරුසර වරප්‍රසාද” කාඩ්පත් නිකුත් කිරීමේ දෙවන අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 මාර්තු 23 වන දින අඹේපුස්ස යුධ හමුදා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන් වන ඒපීජී කිත්සිරි මැතිතුමන්ද මෙම අවස්ථාවට එක්විය.

“විරුසර” රණවිරු උපහාර කාඩ්පත පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම 2016 මාර්තු 09 වන දින පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ.පී.ජීකිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2016 මාර්තු 01 වන දින පැවති “විරුසර” වරප්‍රසාද කාඩ්පත් පිරිනැමිමේ උත්සවයට සහභාගි වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රණවිරුවන්ගේ අවශ්‍යතාවලට මුලිකත්වය ලබාදී කටයුතු කරනබව පැවසීය.

යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර පවුල්වලට සහ රණවිරු පවුල්වල දූ දරුවන් සදහා පිරිනැමෙන 'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ හා රුපියල් 50000 ක් වටිනා ශිෂ්‍යත්ව 100ක් ප්‍රධානය කිරීමේ උත්සවය 2016 ජනවාරි 25 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.