රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ උත්සවය

යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර පවුල්වලට සහ රණවිරු පවුල්වල දූ දරුවන් සදහා පිරිනැමෙන 'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ හා රුපියල් 50000 ක් වටිනා ශිෂ්‍යත්ව 100ක් ප්‍රධානය කිරීමේ උත්සවය 2016 ජනවාරි 25 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

මෙම 'විරුසර' කාඩ්පත රණවිරුවන්ගේ මිල කල නොහැකි සේවය පිළිගැනීම හා ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමේ පදනම මත වෛද්‍ය, ආහාර වර්ග, ප්‍රවාහන, රෝහල් ප්‍රතිකාර, ණය, අධ්‍යාපනික පාඨමාලා ආදි 45කට වැඩි රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවා රැසකට පුළුල් පරාසයක ප්‍රතිලාභ ලබාදෙයි.

පළමු අදියර යටතේ මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 300000 කට ප්‍රතිලාභ ලබාදෙනු ලබන අතර උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් සිංහල, දෙමළ හා මුස්ලිම් දූ දරුවන්ට ශිෂ්‍යත්ව 50ක් සහ යුධ වීරයන්ගේ පවුල්වල දූ දරුවන්ට ශිෂ්‍යත්ව 50ක්ද පිරිනමනු ලබයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් , අවතැන් වූ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.