“විරුසර වරප්‍රසාද” කාඩ්පත ලබාදීමේ දෙවන අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 පෙබරවාරි 27 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
මෙහිදී මියගිය, අතුරුදහන් සහ රක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 1135 දෙනෙක් වෙනුවෙන් “විරුසර” රණවිරු උපහාර කාඩ්පත බෙදාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මාතෘභුමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් 184 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් සහ රණක්ෂිතයට පත් රණවිරුවන් 951 දෙනෙක් එම පිරිසට ඇතුලත්විය.
මේ අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නාවික හමුදා උතුරුමැද ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් ඩීසී ගුණවර්ධන, ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.