රත්නපුර, කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති “විරුසර” වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා ප්‍රධානත්වයෙන් 2016 මාර්තු මස 11 පැවැත්විණි.
මෙහිදී රත්නපුර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට අයත් මානුෂිය මෙහෙයුමේදී මියගිය අතුරුදහන් සහ රණක්ෂිතයට පත් රණවිරු පවුල් 3170 දෙනෙක් වෙනුවෙන් “විරුසර” වරප්‍රසාද කාඩ්පත් බෙදාදීම සිදුවිය. යුදහමුදාවට අයත් සාමාජිකයින් 2951 ක්, නාවික හමුදා සාමාජිකයින් 150 ක්, ගුවන් හමුදාවෙන් 25ක්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් 39 දෙනක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර විය.
මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ පී ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මැතිණිය, යුධ, නාවික සහ ගුවන් හමුදාවල මාණ්ඩලික ප්‍රධානීන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්, කාඩ්පත් හිමි රණවිරු පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාග වී සිටියහ.