කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2016 මාර්තු 01 වන දින පැවති “විරුසර” වරප්‍රසාද කාඩ්පත් පිරිනැමිමේ උත්සවයට සහභාගි වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රණවිරුවන්ගේ අවශ්‍යතාවලට මුලිකත්වය ලබාදී කටයුතු කරනබව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “අප සියළු දෙනා අද නිදහසේ ජිවත් වන්නේ රණවිරුවන් එදා කල අමිල වූ කැපකිරීම නිසා බවත් මාතෘ භුමිය වෙනුවෙන් දිවිපිදු, අතුරුදන් වූ සහ ආබාධිත වු දහස්ගණනක් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා පහසුකම් ලබාදීම සහ ඔවුන් වෙනුවෙන් වරප්‍රසාද හිමි කිරීම මෙතුලින් බලාපොරොත්තු වන බවත් මෙවරද රජය මගින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් රණවිරු සේවා අධිකාරිය වෙත ලබාදී ඇති බවත්, කිසිදිනක මේ රජය රණවිරුවන් කිසිදු අයුරකින් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන බවත්, වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවත්, රණවිරුවන්ගේ අවශ්‍යතා වලට මුලිකත්වය ලබාදී කටයුතු කරන බවත් තවදුරත් පැවසීය.
තවද රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ පී ජී කිත්සිරි මහතා නාවික සහ ගුවන් හමුදාපතිවරුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විජයබා පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ සී ගුණවර්ධන මහතාද සහභාගි විය.
මෙහිදී යුධ හමුදාව වෙනුවෙන් කාඩ් පත් 687ක් නාවික හමුදාව වෙනුවෙන් 126ක්, ගුවන් හමුදාව වෙනුවෙන් 39ක් , පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් 39ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් 02 ක් වශයෙන් 893 වෙනුවෙන් කාඩ් පත් බෙදා දීම සිදුවිය.