රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් “විරුසර වරප්‍රසාද” කාඩ්පත දෙවන අදියර යට‍තේ දියත් කෙරේ

යුධවිරු ප්‍රතිලාභීන් වෙත “විරුසර වරප්‍රසාද” කාඩ්පත් නිකුත් කිරීමේ දෙවන අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 මාර්තු 23 වන දින අඹේපුස්ස යුධ හමුදා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන් වන ඒපීජී කිත්සිරි මැතිතුමන්ද මෙම අවස්ථාවට එක්විය.

මෙදින පැවැති මෙම උත්සවයේදී යුධ හමුදා කාඩ්පත් ප්‍රතිලාභීන් 1387 දෙනෙකු, නාවික හමුදා ප්‍රතිලාභීන් 100 දෙනෙකු, ගුවන් හමුදා ප්‍රතිලාභීන් 102 දෙනෙකු, පොලිස් සේවයේ ප්‍රතිලාභීන් 31 දෙනෙකු සහ සිවිල් ආරක්‍ෂක බලකා ප්‍රතිලාභීන් 05 දෙනෙකු වශයෙන් මුළු ප්‍රතිලාභීන් 1625 දෙනෙකු මෙහිදී “විරුසර වරප්‍රසාද” කාඩ්පත් හිමිකරගන්නා ලදී.

උත්සවය ඇමතූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශකර සිටියේ මෙම කාඩ්පත හදුන්වාදීමේ අරමුණ පසුපස කිසිදු දේශපාලනමය වාසිලබාගැනීමේ අරමුණක් නොමැති බවත්, එය හුදෙක්ම මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත හා ශරීරාංග පරිත්‍යාගයෙන් කටයුතු කළ යුධ විරුවන්ට ගෞරව පිණිස සිදුකරන ලද බවයි.


තවදුරටත් අදහස් පළකල එතුමන් කියා සිටියේ ජනාධිපතිතුමන්ට හෝ අගමැතිතුමන්ට හෝ තමන්ට මාතෘ භූමියේ ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කළ, සහ ජාතියේ එක්සත්භාවය සහ නිදහස වෙනුවෙන් කැපවූ කිසිදු රණවිරුවෙකු අත්අඩංගුවට ගැනීමේ අභිලාෂයක් නොපවතින බවයි. එසේම රටේ සියළු පුරවැසියන් එරට නීතියට යටත් බවත්, නීතියට පටහැනිව ක්‍රියාකරන ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා දඩුවමට යටත් වියයුතු බවත්, එතුමන් විසින් ප්‍රකාශ කරන ලදී.

“විරුසර වරප්‍රසාද” කාඩ්පත් ප්‍රදානය කිරීමේ දෙවන අදියර යටතේ දැනටමත් කාඩ්පත් 13000 ක් යුධ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් අතර බෙදාහැරීම සිදුකර ඇත.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමිය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, “විරුසර” කාඩ්පත් ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.