රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

“විරුසර” වරප්‍රසාද රණවිරු උපහාර කාඩ්පත් ප්‍රදානය කිරීමේ දෙවන පියවර ය‍ටතේ පනාගොඩදී

“විරුසර” වරප්‍රසාද රණවිරු උපහාර කාඩ්පත් ප්‍රදානය කිරීමේ දෙවන පියවර 2016 අප්‍රේල්  08 වන දින පනාගොඩ හමුදා ජනපදයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ පී ජී කිත්සිරි මහතා ද සහභාග විය.

 

"සුදු පරවියන්ට මුල් තැන දෙන්න" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වරප්‍ර‍සාද කාඩ්පත් ව්‍යාපෘතියේ අරමුණ “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, චිරස්ථිතිය සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි”.

මෙදින පැවති උත්සවයේදී මාතෘ භුමියේ ඒකීයභාවය වෙනුවෙන් වූ මානුෂීය මෙහෙයුමේදී මියගිය අතුරුදන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවන් “විරුසර” කාඩ්පත් ලබාදීම සිදුවූ අතර, එහිදී යුධ හමුදාව වෙනුවෙන් කාඩ්පත් 1362 ක්, නාවික හමුදාව වෙනුවෙන් 283 ක්, ගුවන් හමුදාව වෙනුවෙන් 45 ක්, පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් 24 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් 10 ක් වශයෙන් 1724 ක් දෙනා වෙනුවෙන් කාඩ්පත් බෙදාදීම සිදුවිය.

 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.