රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

විරුසර වරප්‍රසාද කාඩ්පත ලබාදීමේ දෙවන අදියර යටතේ හම්බන්තොට දී පැවැත්විය

“විරුසර වරප්‍රසාද” කාඩ්පත ලබාදීමේ දෙවන අදියර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 අප්‍රේල් 30 වන දින මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. එම අවස්ථාවේදී යුධ හමුදා කාඩ්පත් ප්‍රතිලාභීන්  642 දෙනෙකු, නාවික හමුදා ප්‍රතිලාභීන් 194 දෙනෙකු, ගුවන් හමුදා ප්‍රතිලාභීන් 91 දෙනෙකු, පොලිස් සේවයේ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සහ සිවිල් ආරක්‍ෂක බලකා ප්‍රතිලාභීන් 08 දෙනෙකු වශයෙන් මුළු ප්‍රතිලාභීන් 1002 දෙනෙකු මෙහිදී “විරුසර වරප්‍රසාද” කාඩ්පත හිමිකරගන්නා ලදී.

තවද මෙම අවස්ථාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා විසින් මෙලෙස වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී . "කවුරු කෙසේ කිවත් මාතෘ භුමියේ ආරක්‍ෂාවට, ඒකීයභාවයට සහ එක්සත්භාවයට කිසිවක් කිරීමට ඉඩක් තබන්නේ නෑ. විවිධ පුද්ගලයන් විවිධ කණ්ඩායම් පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් මාධ්‍ය විශාල වශයෙන් භාවිතා කරමින් බෙදුම් වාදය ඉදිරියට දමමින් ජනතාව නොමග යවන්න කටයුතු කරනවා. නමුත් ආරක්‍ෂක අමාත්‍ය හැටියට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ නායකත්වය යටතේ මේ රජය ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති කිරීමට ඉඩ තබන්නේ නෑ. මේ රජය ජාතින් අතර තියන ගැටළුව විසඳා සංහිඳියාව තුලින් මේ රට සංවර්ධනයට ගෙන යනවා".

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒජීපී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් රනිල් ගුරුසිංහ, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් එරික් ජයකොඩි, ආඥාපති දකුණු නාවික පෙදෙස රියර් අද්මිරාල් නිමල් සරත්සේන, මාතර හා හම්බන්තොට භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරී කර්නල් ඩබ්ලිව්එම් කරුණාපාල, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, විරුසර කාඩ්පත් ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්ථනයන්ගෙන් උළෙල විචිත්‍රවත් විය.

 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.