රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිත විරුසර දෙවැනි පියවර

රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක “විරුසර” රණවිරු උපහාර කාඩ්පත දෙවන අදියර එළැඹෙන 27 වැනි දින පස්වරු 0200 ට හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අතිගරු ජනාධිපතිතුමන් ගේ අතින් පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතාගේ සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (ජුනි 21) උදෑසන කොල්ලුපිටිය ආරක්‍ෂක අමාත්‍යාංශයීය මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.

“විරුසර” රණවිරු උපහාර කාඩ්පත පළමු පියවර යටතේ මානුෂීය මෙහෙයුම්වලදී මාතෘ භුමිය වෙනුවෙන් ජිවිත පුජාකල රණවිරුවන්ගේ පවුල් වල සාමාජකයින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඉලක්ක කර ක්‍රියාත්මක කල අතර එහිදී 15,000 කට ආසන්න රණවිරුවන් සහ රණවිරු පවුල් සඳහා මෙම උපාහාර කාඩ්පත ලබාදීම අවසන් කර ඇති අතර දෙවන පියවර යටතේ විශේෂයෙන් 1983-2009 දක්වා කාලය තුල ක්‍රියාන්විත සේවයේ යෙදී සිට විශ්‍රාමික රණවිරුවන් සහ ඒ කාලය තුල රාජකාරි ඉටු කළ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් (අරක්කැමිවරුන්/ භෝජනාගාර සේවකයින් වැනි) ද මෙම කාඩ්පතේ ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇත.

“විරුසර” කාඩ්පත් මගින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ ආයතන 45 ක් මුලිකවද ඉන් පසුව 48ක් ද ප්‍රතිලාභීන් සඳහා වරප්‍රසාද සහ පහසුකම් ලබා දුන් අතර එම ආයතන සංඛ්‍යාව මේ වන විට 54 ක් දක්වා වර්ධනය වී ඇත.

“සුදු පරවියන්ට මුල් තැන දෙන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වරප්‍ර‍සාද කාඩ්පත් ව්‍යාපෘතියේ අරමුණ “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, චිරස්ථිතිය සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි”.

මෙහි පළමු පියවරේ සමාරම්භක උත්සවය 2016.01.25 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවත්වු අතර, ඉන් අනතුරුව දිවයින පුරා ස්ථාන 06 කදී විරුසර වරප්‍රසාද හිමිකම රණවිරුවන් 15,000 ක පිරිසක් වෙත ලබාදෙමින් ඉන් ප්‍රතිලාභීන් (යැපෙන්නන්) 40,000 ක පිරිසක් වරප්‍රසාද ලබමින් සිටී.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වරප්‍රසාද කාඩ්පත මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 54 ක් වෙතින් පහසුකම් සපයන අතර රෝහල්, දුරකථන හා අන්තර්ජාල පහසුකම්, ලීසිං හා මූල්‍ය පහසුකම්, දුම්රිය සේවා පහසුකම්, වෘත්තීය පුහුණු ආයතන, පරිගණක දත්ත සමාගම්, ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ වෙළදසැල්, රාජ්‍ය ඔසුසැල්, පුද්ගලික අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලා සහ පුහුණු පහසුකම් සපයා ගැනීමේ දී, සැටලයිට් රූපවාහිනී නාලිකා, පොදු ප්‍ර‍වාහන සේවාවන්, ගුවන් ගමන් බලපත්‍ර‍ මිලදී ගැනීම් ආදිය ලබාගැනීමේ දී වට්ටම් ද ඇතුළු පහසුකම් රැසක් ලබා දී ඇත.


 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.