රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

අතිගරු ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් “විරුසර” දෙවන අදියර හිඟුරක්ගොඩදී

“සුදු පරවියන්ට මුල් තැන දෙන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම “විරුසර” වරප්‍ර‍සාද කාඩ්පත් ව්‍යාපෘතියේ අරමුණ “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, චිරස්ථිතිය සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි”.
 
අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් “විරුසර” රණවිරු උපහාර කාඩ්පත දෙවන අධියර යටතේ 1000 කට ආසන්න ප්‍රතිලාභීන් වෙනුවෙන් කාඩ්පත් බෙදාදීම 2016 ජුනි මස 27 වන දින හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
 
මෙදින  “විරුසර” හිමිකම් ප්‍රදානය ත්‍රිවිධ හමුදාවට පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාමාජිකයින් 12 දෙනෙක් වෙනුවෙන් ජනපති සුරතින් සංකේතාත්මකව  “විරුසර” කාඩ්පත් ලබාදීම සිදුවිය. මෙහිදි පිළිවෙලින් යුද හමුදාව නියෝජනය කරමින් රණවිරුවන් 440 ක් නාවික හමුදාවේ 85 ක් ගුවන් හමුදාවේ 200 ක්, පොලිස් දෙපාර්තමේන්තු සාමාජිකයින් 100 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 75 ක් සඳහා වශයෙන් ‘විරුසර වරප්‍ර‍සාද’ කාඩ්පත දෙවන අධියර ආරම්භ කරමින් වරප්‍රසාද කාඩ්පත් පිරිනැමීම සිදුවිය.
 
“විරුසර” රණවිරු උපහාර කාඩ්පත පළමු පියවර යටතේ මානුෂීය මෙහෙයුම් වලදී මාතෘ භුමිය වෙනුවෙන් ජිවිත පුජාකල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඉලක්ක කර ක්‍රියාත්මක කල අතර, එහිදී 15000 කට ආසන්න රණවිරුවන් සහ රණවිරු පවුල් සඳහා මෙම උපහාර කාඩ්පත ලබාදී අවසන් කර ඇත.
 
විරුසර වරප්‍රසාද හිමිකම් ලැබීමට හැකිවන්නේ 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා වසර 22 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති විශ්‍රාමික හා දැනට සේවයේ නියුක්ත ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් හා ඔවුන්ගේ භාර්යාවන්/ ස්වාමි පුරුෂයන් හා ඔවුන්ගේ දූ දරුවන් ප්‍රතිලාභීන් ලෙස නම් කොට ඇත.
 
මෙවර අනුග්‍රහය දක්වන ආයතන අතරින් බ්‍රිටිෂ් වේ ඉංග්ලිෂ් ආයතනය විසින් රු.23,500/- වටිනා පාඨමාලා ශිෂ්‍යත්ව 200 ක් ලබාදීම, මල්ටිලැක් ආයතනය විසින් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් විනාශයට පත්වූ පාසල්වල තීන්ත ආලේප කිරීම සඳහා රු.100,000/- මුදලක් ලබාදීම, හුවාවි ආයතනය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම රණවිරුවන් පිරිසක් බිහිවූ පාසැල් 07 ක් සඳහා ටැබ්ලට් පරිගණක යන්ත්‍ර 07ක් ලබාදීම කැපී පෙනෙන සිද්ධියක් විය.
 
මේ වන විටත් රණවිරුසේවා අධිකාරිය සමග අත්වැල් බැදගෙන ඇති පහසුකම් සලසන ආයතන 45 අතරට, අළුතින් ආයතන 10 ක් විරුසර වරප්‍රසාදලාභීන් වෙනුවෙන් ප්‍රතිලාභ සැලසීමට ඉදිරිපත්ව සිටීම විරුසර ව්‍යාපෘතිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දිය හැකිය.
 
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වරප්‍රසාද කාඩ්පත මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 55 ක් වෙතින් පහසුකම් සපයන අතර රෝහල්, දුරකථන හා අන්තර්ජාල පහසුකම්, ලීසිං හා මූල්‍ය පහසුකම්, දුම්රිය සේවා පහසුකම්, වෘත්තීය පුහුණු ආයතන, පරිගණක දත්ත සමාගම්, ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ වෙළදසැල්, රාජ්‍ය ඔසුසැල්, පුද්ගලික අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලා සහ පුහුණු පහසුකම් සපයා ගැනීමේ දී, සැටලයිට් රූපවාහිනී නාලිකා, පොදු ප්‍ර‍වාහන සේවාවන්, ගුවන් ගමන් බලපත්‍ර‍ මිලදී ගැනීම් ආදිය ලබාගැනීමේ දී වට්ටම් ද ඇතුළු පහසුකම් රැසක් ලබා දී ඇත.
 
මේ අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍ර‍ධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, නැගෙනහිර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් දෙපාර්තමේන්තු සාමාජිකයින්, රණවිරු පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.