“විරුසර වරප්‍රසාද” කාඩ්පත් ව්‍යාපෘතිය පිළිබදව විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් 2016 අගෝස්තු 18 සහ 19 වන දෙදින පැවැත්විය
විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම පිළිබදව විශේෂ කරුණු සාකච්ඡා කිරීම ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන්ගේ ප්‍රදානත්වයෙන් 2016 අගෝස්තු මස 18 සහ 19 යන දෙදින තුළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහිදී මෙතෙක් පැවැති වැඩසටහන් පිළිබදව ප්‍රගතිය සමාලෝචනය කර සිටි අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව පැමිණ සිටි සියළුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල නිළධාරීන්ගෙන් ඒ පිළිබදව ලේකම්තුමන් වෙත නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.
ලේකම්තුමන් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, විරුසර වරප්‍රසාද ව්‍යාපෘතිය මගින් දැනට සේවයේ නියුතු රණවිරුවන් සදහා විරුසර කාඩ්පත් බෙදාදීමට කටයුතු කරගෙන යන බවයි. යුධමය වාතාවරණය පැවැති කාළයේදී මෙම රණවිරුවන් සෘජුවම යුද්ධයට දායකත්වය ලබාදී, ශ්‍රී ලංකාව තුළදී මෙන්ම විදේශීය රටක ඇතිවන ඕනෑම හදිසි අවශ්යතාවයදී ඒ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකරනු ලබන්නේ රණවිරුවන් බව මෙහිදී අවධාරනය කරන ලදි.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒපීජී කිත්සිරි මහතා, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු පහත සඳහන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයින් රැසක් මේ සදහා සහභාගී වීය.
1. සමූපසේවා කොලොන්නාව
2. නවලෝක රෝහල
3. නයින්වෙල් කෙයා රෝහල
4. පන්නිපිටිය පෞද්ගලික රෝහල
5. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය
6. ගුරුගේ දේපල සමාගම
7. යුනියන් හාඩ්වෙයා සමාගම
8. ශ්‍රී ලංකා වෙළෙද හා වාණිජ බැංකුව