“විරුසර වරප්‍රසාද” කාඩ්පත් බෙදාදීමේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම පිළිබදව විශේෂ කරුණු සාකච්ඡා කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙන්ම ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම මත තව තවත් දියුණු කිරීම මෙහි අපේක්ෂාව වේ. මෙතෙක් පැවැති වැඩසටහන් පිළිබදව ප්‍රගතිය සෑම අවස්ථාවකදීම සමාලෝචනය කරන අතර, ව්‍යාපෘතියේ අභිවෘර්දිය වෙනුවෙන් සියළුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල නිළධාරීන්ගේ නව අදහස් සහ යෝජනා පිළිබදව ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් පවතී. මේ හේතුවෙන් විරුසර ව්‍යාපෘතිය දිනෙන් දින සෑම ජන හදකටම දැනෙන නව්‍ය වැඩසටහනක් වශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව මේ වන විට රණවිරු සේවා අධිකාරිය මගින් බෙදාදී ඇති මුළු කාඩ්පත් ප්‍රමාණය 21084 ක් වේ. එමෙන්ම අගෝස්තු මාසයේ පමණක් මුද්‍රණය කර ඇති කාඩ්පත් ප්‍රමාණය 2000 ක් පමණ වේ. මසකට ලබාදීමට අපේක්ෂා කරන කාඩ්පත් ප්‍රමාණය ආසන්න වශයෙන් 2000 කි.
ප්රතිලාභ ලබාගන්නා ආයතන අතුරින් ඇතැම් අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රෝහල්වල ඇතැම් කාර්ය මණ්ඩල සේවකයන් විරුසර ව්‍යාපෘතිය පිළිබද දැනුවත් වී නොතිබීම ප්රතිලාභ ලබාගැනීමට ගැටලුවක් වී ඇති බවද දැනගන්නට ලැබී තිබේ. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් පත්‍රිකාවක් බෙදාහැරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුද්‍රණය කොට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදී වැටුප් පත්‍රිකාව සමග බෙදාදීමට තීරණය කොට ඇත.
විරුසර වරප්‍රසාද ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙත විවිධ ආයතන මගින් ප්රදානය කරන ලද ප්රතිලාභ පහත දැක්වෙන පරිදි වේ.
ආයතනය |
ප්රතිලාභ ලබාගත් සංඛ්‍යාව
|
|
![]() |
රාජ්‍ය ඖෂධ සංස්ථාව | 25 |
![]() |
ආසිරි රෝහල | 10 |
![]() |
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය | 03 |
![]() |
ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය | 03 |
![]() |
ලිට්රෝ ගෑස් ආයතනය | 01 |
![]() |
කාර්ගිල්ස් ආයතනය | 722 |
![]() |
ලංකා බැංකුව | 104 |
![]() |
මහජන බැංකුව | 63 |
![]() |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය | 08 |
![]() |
කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ආයතනය | 15 |
මෙම වැඩසටහන සදහා දැනටමත් බාහිර ආයතන 58 ක් නොකඩවා දායකත්වය ලබාදෙනු ලබයි. විරුසර වරප්‍රසාද වැඩසටහන වෙනුවෙන් ඉදිරියේදී සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇති නව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් වෙතින් ලැබෙන සහයෝගය පිළිබදව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ නිබදවම ප්‍රශංසාවට ලක්වේ.