රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

“විරුසර වරප්‍රසාද තවත් අදියරක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගණේමුල්ල කමාණ්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී

 

රණවිරුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වන “විරුසර වරප්‍ර‍සාද” කාඩ්පත් ව්‍යාපෘතියේ තවත් සාර්ථක පියවරක් 2016 දෙසැම්බර් 09 වනදින ගනේමුල්ල ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථාන කඳවුරේදී පැවැත්විණ.

“පසුගිය වසරේ මෙම වරප්‍රසාද කාඩ්පත් 25000ක් රණවිරු පවුල් සඳහා ලබා දී ඇති බවත්, තවත් කාඩ්පත් 25000ක් එළඹෙන වසරේ ලබාදීමට කටයුතු කරන බවත් පැවසිය. රණවිරු පවුල්වල සියළු ප්‍රශ්න මේ කාඩ් පතකින් විසඳිය නොහැකි වුවත් ඔවුන්ගේ ගැටළු සඳහා මෙමගින් ලැබෙන වරප්‍රසාද හරහා යම් සහනයක් ලැබෙනවා නම්, එය මෙම උත්සාහයේ ප්‍රතිපලය බවත් සදහන් කල අතර. සැබවින්ම මෙය තිස් වසරක මෙරට පැවති යුද්ධය අවසන් කිරීමට දායක වූ රණවිරුවන්ට දක්වන උපහාරයක් බවත්, මෙයට වඩා ඉදිරියේදී තවත් වරප්‍රසාද සහ අවශ්‍ය සේවාවන් ලබාදීමට කටයුතු කරන බවත් දැන්විය.

මෙම විරුසර වැඩසටහනට සමගාමීව ඉඩම් අහිමි රණවිරුවන් පිරිසක් වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය සහ පහවසර ශිෂ්‍යත්වය සමත් රණවිරුවන්ගේ දරුවන් පිරිසකට ද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සුරතින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද සිදුකෙරිණ. එමෙන්ම දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සඳහා ලබාදෙන්නාවූ විශ්‍රාම වැටුප වයස 55න් පසු ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවද එහිදී ප්‍රකාශ කළේය.

“සුදු පරවියන්ට මුල් තැන දෙන්න” යන තේමාව යටතේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වරප්‍රසාද කාඩ්පත ලබා දීමේ ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභුමියේ නිදහස වෙනුවෙන් වූ සටනේදී දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් මෙන්ම ඉහත ආයතන සමග රාජකාරි ඉටුකළ සිවිල් සේවක මහතුන්ගේ (අරක්කැමි/ භෝජනාගාර සේවක කාර්යාල සහයක වැනි) මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්‍ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි”.

මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුනාසේන හෙට්ටිආරච්චි මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ ජි පී කිත්සිරි මහතා ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්.ඒ. කුලසූරිය, රණවිරුසේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු ත්‍රිවිද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක්, කාඩ්පත් ලාභී රණවිරු පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාග වී සිටියහ.

 

 

 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.