ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව, අතිගරු ජනාධිපති තුමාගේ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තුමාගේ ආශීර්වාදයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ යුධ, නාවික ,ගුවන් ,පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභසාධන කටයුතු ඉහල නැංවීම සහ ප්රතිලාභ කටයුතු විධිමත්ව සිදුකිරීම සඳහා රණවිරු විශේෂ කාඩ්පතක් හඳුන්වාදී ඇති අතර ඉහත කාඩ්පත් හිමි ප්‍රතිලාභීන් වෙත සුවිශේෂී වරප්‍රසාද රැසක් මේවන විට පිරිනමා ඇත.
විරුසර කාඩ්පත් හිමි ප්‍රතිලාභීන් හට මෙතෙක් හිමිවී ඇති සුවිශේෂී වරප්‍රසාද කිහිපයක් පහත පරිදි වේ.
01. සිලෝන් කුල් ස්ටෝර්ස් වෙතින් රණවිරුවන්ගේ දරුවන් සඳහා තම උසස් අධ්‍යාපනය නිම වන තෙක් ශිෂ්‍යත්ව 50 ක් ලබා දීම.
02. මෙම ශිෂ්‍යත්වයම උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හී ජිවත් වන දමිල සහ මුස්ලිම් දරුවන් 50 දෙනකු වෙත ලබා දීම.
03. ලිට්රෝ ගෑස් ආයතනය වෙතින් සරසවි වරම් ලබන දුදරුවන් වෙත එක් අයෙකුට රුපියල් 50,000.00 වටිනාකමකින් යුත් මුදල්මය ආධාර ලබා දීම.
04. ජුනි මස 21 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රජරට විද්‍යාලයේ දී පැවැත්වු විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදා දීමේ උත්සවයේ දී කැළණිය සහ කොළඔ විශ්වවිද්‍යාල වල සිසුන් දෙදෙනෙකු වෙත රුපියල් 50,000.00 බැගින් වු ශිෂ්‍යත්ව දෙකක් ලබා දීම.
05. බ්රිටිෂ්වෙි ඉංග්‍රීසි ඇකඩමි ආයතනය වෙතින් රණවිරු දුවා දරුවන් වෙත පාඨමාලාවක් රුපියල් 23,000.00 වන පාඨමාලා 200ක් ලබා දීම. මෙයින් මේවන විට පාඨමාලා 84 ක් සඳහා ත්‍රිවිධ හමුදා,පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායට අයත් රණවිරු දුවාදරුවන් වෙත ශිෂ්‍යත්ව ලබා දී ඇත.
06. ගුරුගේ දේපළ වෙළදාම් සමාගම වෙතින් ඉතා ඉහල වාණිජමය වටිනාකමකින් යුත් ගම්පහ ප්‍රදේශයේ ඉඩම් කට්ටි 06ක් ලබාදීම.