රණවිරු සේවා අධිකාරිය

"විරුසර වරප්‍රසාද"

සුදු පරෙවියන්ට මුල්තැන දෙන්න

රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය

ආපසු

“විරුසර වරප්‍ර‍සාද” කාඩ්පත් 2000 ක් රණවිරු පවුල් වෙත ජනාධිපතිතුමා අතින් පිරිනැමේ.

“සුදු පරවියන්ට මුල් තැන දෙන්න” යන තේමාව යටතේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක විරුසර වරප්‍රසාද කාඩ්පත ලබාදීමේ ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභුමියේ නිදහස වෙනුවෙන් වූ සටනේදී දිවි පිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් මෙන්ම ඉහත ආයතන සමග රාජකාරි ඉටුකළ සිවිල් සේවක මහතුන්ගේ (අරක්කැමි/ භෝජනාගාර සේවක කාර්යාල සහයක වැනි) මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ලක්‍ෂ 3 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදීමයි.

රණවිරුවන් වෙනුවෙන් විශේෂ වූ “විරුසර වරප්‍ර‍සාද” කාඩ්පත් ව්‍යාපෘතිය මේ වනවිට කාඩ්පත්ලාභීන්ට ප්‍රමුඛතාවය සලසමින් වෛද්‍ය පහසුකම් මෙන්ම වට්ටම් සහිතව ආහාර වර්ග, ප්‍රවාහන පහසුකම්, රෝහල් ප්‍රතිකාර, අධ්‍යාපනික පාඨමාලා, ගෘහ භාණ්ඩ, ස්වර්ණාභරණ ආදි ක්ෂේත්‍රවල ආයතන 66 කට වැඩි, රජයේ සහ පුද්ගලික අංශ මගින් ප්‍රතිලාභ හිමිවන අතර, මේ වනවිට 30,000 කට ආසන්න පිරිසකට පියවර ගණනාවක් යටතේ 2016 ජනවාරි මස සිට මෙම වරප්‍රසාද කාඩ්පත් ලබාදී ඇත.

2017-03-29 වන දින කුරුණෑගල ආරක්‍ෂක සේවා විද්‍යාලයේදී විරුසර වරප්‍රසාද කාඩ්පත් 2000ක් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ලබාදීමේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවේ වයඹ පළාතේ රණවිරු පවුල් 2000කට “විරුසර” වරප්‍රසාද කාඩ්පත් බෙදාදීම සංකේතවත් කරමින් අතිගරු ජනපතිතුමන් අතින් කාඩ්පත් රණවිරුවන් වෙත පිරිනැමීම සිදුවිය. වරප්‍රසාදලාභීන් වෙනුවෙන් භාහිර ආයතන මගින් මේ වනවිට රුපියල් මිලියන 190.02 වටිනා ප්‍රතිලාභ සහ වට්ටම් ලබාදී ඇත.

මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, අමාත්‍යවරුන්, වයඹ පළාත් ආණ්ඩුකාරවරිය, රණවිරුසේවා අධිකාරියේ සභාපතිතුමිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාසැල් සිසුන්, දෙමාපියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
 



 
 
back-top
blog

දුරකථන : +94 112 081 581
ජංගම : +94 703 688 788
ෆැක්ස් : +94 112 055 671
විද්‍යුත් තැපෑල : info@ranaviruseva.gov.lk

map

රණවිරු සේවා අධිකාරිය,
නො 449,
ගාලු පාර,
කොළඹ 03.