වර්තමානයේ සියලූ ශ්‍රීලංකාවාසීන් අත්විඳිනා තිරසර සාමය යුධ, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරකෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථ පසෙක ලා ඒකීය දේශයක් ගොඩනැගිම සදහා පරම ජීවිත පුජාවෙන්, පරාර්ථකාමීත්වයෙන් හා ඉමහත් කැපවීමෙන් කළ සේවයෙහි ප්‍රතිඵලයකි. වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන් හට ද මේ මව්බිම මත යහපත් හෙට දවසක් උදාකිරීම සදහා ඔවුන් ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්ථයන් රට වෙනුවෙන් පසෙක තබමින් කටයුතු කර ඇත.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අමාත්‍යතුමාගේ සංකල්පනාවෙන් බිහිවූ විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරුවන්ගේ එම අසමසම දායකත්වය ඇගයීමට මෙන් ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය උදෙසා පිදෙන තිළිණයකි.
![]() ![]() |
මෙම මහඟුසත්කාරය සාර්ථක කර ගැනීම සඳහා රණවිරු අභිමානය හා ගෞරවය සුරැකීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන පෙරමුණ ගැනීම ව්‍යාපෘතිය සාර්ථක වීමට ඉවහල් වන ප්‍රධාන සාධකයකි. මේ වරප්‍රසාද කාඩ් පත මගින් පාරිභෝගික සැපයුම්, බැංකු, මූල්‍ය හා කල්බදු, රකෂණ, සන්නිවේදන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු, සෞඛ්‍යය හා ප්‍රවාහන ඇතුලු විවිධ අංශ හරහා භාණ්ඩ හා සේවාවන් ලබාගැනීමේ සුවිශේෂ ප්‍රතිලාභ සහ සැලකිය යුතු වට්ටම් මෙන් ම සේවා ප්‍රමුඛත්වය ද හිමිකර ගැනීම ඉඩ සලසා ඇත.
මෙම "විරුසර වරප්‍රසාද" කාඩ්පත එහි සුවිශේෂී මෙහෙවර මගින් රණවිරු පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ලක්ෂ තුනක පමණ පිරිසකට ප්‍රතිලාභ ලැබීමේ හැකියාව ඇත. ප්‍රතිලාභ ලබා දෙන ආයතන වෙතින් මෙම විරුසර වරප්‍රසාද කාඩ්හිමියන්ගේ පවුල් වල අය සඳහා රැකියාවල් ලබා දීමේ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවට සහතික වී ඇත. ඒ සඳහා පහත ක්‍රියා මාර්ගවලින් එකක් අනුගමනය කළ හැක.
අ. | රණවිරු සේවා අධිකාරිය හරහා රැකියාවන් සඳහා ඉල්ලූම් කිරීම. | |
ආ. | රැකියාවට ඉල්ලූම් කිරීමේ හෝ සම්මුඛ පරීක‍්ෂණයේ රණවිරු සේවා අධිකාරිය වෙතින් ලිපියක් ලබා ගෙන ඉදිපත් කිරීම. | |
ඇ. | රැකියා ඉල්ලූම් පතට රණවිරු වරප්‍රසාද කාඩ්පතේ ඡායා පිටපතක් අමුණා ඉරිපත් කිරීම. | |
අෑ. | රැකියා සම්මුඛ සාකච්ඡාවක් කාඩ්පත ඉදිපත් කිරීම. | |
01. | ප්‍රතිලාභීන් වීමට පහත අයවළුන් සුදුසුකම් ලබයි. | |
අ. | ක්‍රියාන්විත රාජකාරීන් හි නියුතුව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය යුධ/නාවික/ගුවන් / පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායට අයත් රණවිරුවන්ගේ | |
1. දෙමව්පියන් 2. බිරිඳ 3. අවිවාහක දූ දරුවන් 4. භාරකරු |
||
ආ. | ක්‍රියාන්විත රාජකාරීන්හි නියුතුව සිටියදී ත්‍රස්ථවාදී ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා අබාධිත තත්ත්වයට පත් යුධ /නාවික/ගුවන්/පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායට අයත් රණවිරුවන් සහ ඔවුන්ගේ | |
|
1. බිරිඳ 2. අවිවාහක දූ දරුවන් 3. භාරකරු |
|
ඇ. | විරුසර වරප්‍රසාද දෙවන අදියර යුධමය කාලසීමාව තුළ, එනම් 1983 සිට 2009 දක්වා ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක බලකාය තුල යහපත් පැවැත්මෙන් සේවය කර, 2009 වන විට නිළධාරීන් සදහා නියමිත වසර 20 ක, සෙසු නිළයන් සදහා නියමිත වසර 22 ක හෝ කාන්තා නිළධාරී / සෙසු නිළයන් සදහා නියමිත වසර 15 ක සේවා කාලය සපුරා (ඉහත කාල පරාසය තුළ), දැනට විශ්‍රාම ගොස් සිටින හෝ තවදුරටත් සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙත කාඩ්පත් පිරිනැමීම. |
|
02 | විරුසර වරප්‍රසාද අහිමි වීම | |
අ. | මෙම වරප්‍රසාද අයතා ලෙස භාවිත කළ බවට තහවුරු වුවහොත්. | |
ආ. | බරපතල නීති විරෝධී කටයුතු සිදූ කර පොලීසිය/අධිකරණය මගින් වරදකරුවී සිරගත වුවහොත් (මත්ද්‍රව්‍ය/සොරකම්/ස්ත්‍රී දූෂණ/මංකොල්ල කෑම වැනි වරදවල්) | |
01 | මෙම විරුසර වරප්‍රසාද කාඩ්පත ලබා ගැනීම සඳහා විරුසර වෙබ් අඩවියේ (virusara .gov.lk) ඇති අයදූම්පතේ ආකෘතියක් උපයෝගි කර ගත යුතු අතර, පහත සදහන් ලියකියවිලි ඒ සමග ඉදිරිපත් කළ යුතුය. | |
අ. | ක්‍රියාන්විතයේදී මියගිය නිළධාරී සෙසුනිලයින්ගේ ළඟම ඥාතීන් අයදූම්පත් ඉදිරිපත් කිරීමේදී සෙ:මි: 4.5 X 3.5 පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක් සමගින් අයදුම්පතෙහි සදහන් ග්‍රාම නිළධාරී සහතිකය යන කොටස අනිවාර්යෙන්ම සම්පුර්ණ කොට ඉදිරිපත් කළ යුතුය. | |
ආ. | ක්‍රියාන්විතයේදී අබාධිත වු නිළධාරී සෙසුනිළයින් විසින් මෙම විරුසර වරප්‍රසාද කාඩ්පත ලබා ගැනීම සඳහා සෙ:මි: 4.5 X 3.5 පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක් සමග අදාල නිළධාරී සෙසුනිලයා අයත් සන්නද්ධ සේවාවන්හි සුභසාධක අංශ ප්‍රධානී වෙතින් සහතික කිරීමෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිපත් කළ යුතුය. | |
01 | කාඩ්පතෙහි බාර්කෝඩ් සහ එන්එෆ්සී යන තාක්ෂණයන් ඇතුළත් කර ඇත. | |
02 | විරුසර වරප්‍රසාද ව්‍යාපෘතියේ දත්ත පද්ධතිය රණවිරුසේවා අධිකාරියේ ස්ථාපිත කර ඇත. | |
03 | ප්‍රතිලාභ ලබාදෙන ආයතනවලට ප්‍රතිලාභීන් පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට දත්ත පද්ධතිය වෙත පිවිසිය හැක. | |
උදා : |
කාඩ්පතේ නිරවද්‍යතාවය. තම ආයතනයෙන් ලබා ගන්නා ලද භාණ්ඩ හෝ සේවා විස්තර. |
|
04 | කාඩ්පත අස්ථාන ගත වීමකදී රණවිරු සේවා අධිකාරිය දැනුවත් කළ යුතු වේ. | |
01 | වරප්‍රසාද ලබාගත හැක්කේ ප්‍රතිලාභ ලබා දෙන ආයතන යටතේ ඇති ආයතනවලින් පමණි. | |
02 | මෙම විරුසර වරප්‍රසාද කාඩ්පත මුදල් ගණුදෙනු සඳහා යොදා නොහැකිය. | |
03 | ආයතනයකට ඇතුළුවීමේදී කාඩ්පත පෙන්වා අනන්‍යතාවය තහවුරු කළ යුතු වේ. | |
04 | දක්වා ඇති සේවාවන් සහ භාණ්ඩ වලට අමතරව වෙනත් වරප්‍රසාද සඳහා හිමිකම් නැත. | |
05 | ආයතනය වෙතින් කාඩ්පත ඉල්ලු අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට ප්‍රථිලාභියා ක්‍රියා කල යුතුය. | |
06 | හිමිකම් ඇති අයට පමණක් කාඩ්පත රැගෙන ගොස් හිමිකම් ලබා ගත හැක. | |
07 | 2016 ජනවාරි 25 දින සිට ක්‍රියාත්මකයි. | |
08 | භාවිත කිරීමේ අපහසුවක දී 0112-081581, 0703688788 යන දුරකථන අමතන්න. | |
අ. | මෙම විරුසර හැදුනුම්පත මොනයම් හේතුවක් නිසා හෝ වෙනස් කිරීම, අන්සතු කිරිම සපුරා තහනම් වන අතර, එසේ සිදු කල සනාථ වුවහොත් අදාල පුද්ගලයාට සහ ඔහුගේ ප්‍රතිලාභින්ට මෙමගින් ඉටුවන සියළු වරප්‍රසාද අහිමවනු ඇත. | |
ආ. | නිකුත් කරනු ලබන විරුසර වරප්‍රසාද කාඩ්පතෙහි වලංගු කාලය වසර පහක් දක්වා කාලයකට පමණක් සිදු සීමා වේ. | |
ඇ. | නිකුත් කරනු ලබන කාඩ්පත කල් ඉකුත්වු පසු එම කාඩ්පත වෙනුවට නව කාඩ්පතක් ලබාගැනීම සදහා අදාල පිලිවෙතට අනුව නව අයදුම්පත් ඉදිරිපත් කිරිමට කටුයුතු කල යුතුවේ. | |
ඈ. | කාඩ්පත් හිමිකරු/හිමිකාරිණිය මියගිය අවස්ථාවකදි ඔහු හෝ ඇය වෙත නිකුත් කර ඇති අදාල කාඩ්පත සන්නද්ධ හමුදාවේ/දෙපාර්තමේන්තුවේ සුභසාධන අංශ වෙතින් රණවිරු සේවා අධිකාරිය වෙත භාර දීමට ක්‍රියා කල යුතුය. | |